Backlinks Sinhala | බැක්ලින්ක්ස් සිංහලෙන්

Backlinks Sinhala | බැක්ලින්ක්ස් සිංහලෙන්

What Are Backlinks? බැක්ලින්ක්ස් යනු මොනවාද ? : Backlinks Sinhala

Backlinks කියන්නේ යම් වෙබ් අඩවියක සිට වෙනත් වෙබ් අඩවියකට පැමිනෙන්නාවූ සබැඳියක් ( link ) එකක් ලෙස අපට හදුනා ගන්න පුලුවන්. inbound links, incoming links යන නම් වලින්ද බැක්ලින්ක් හදුන්වනු ලබන අතර Off Page SEO සඳහා මේවා වැදගත් වේ.

බැක්ලින්ක් එකක් සැදීමේදී වෙබ් අඩවි දෙකක් සම්බන්ද කරමින් සාදන hyperlink එකට යොදාගන්නා වචන anchor text එකක් විදියට හදුන්වන්න පුළුවන්.

Backlinks වැදගත් ඇයි? : Backlinks Sinhala

ගොඩක් SEO කරන කටිටිය තමයි මේ Back links කියන පසුපස යන්නේ. මොකද වෙබි අඩවියක් Search Engine එකක සෙවුම් ප්‍රථිපල අතරින් Ranking වල ඉහලට එන්න ප්‍රධාන හේතුවක් වශයෙන් බැක්ලින්ක් පත්වෙනවා.

හොද වෙබි අඩවියකින් එන backlink එකක් ඔබේ වෙබි අඩවියට නව වටිනාකමක් එකතු කරනවා වගේම, නරක වෙබි අඩවියකින් එන බැක්ලින්ක් එකක් ඔබේ වෙබි අඩවියට ඉතාමත් අහිතකර ප්‍රතිපල උදාකරදිය හැකියි.

එවැනි අවස්ථාවක ඔබේ වෙබි අඩවිය Google වැනි Search Engine එකක Ranking පහළට වැටීමක් සිදු වීම හෝ Search Engine එකෙන් සම්පූර්ණයෙන්ම ඔබේ වෙබි අඩවිය අයින් වීමක් පවා සිදුවන්න පුලුවන්.

Backlinks Sinhala

Backlinks කියන්නේ Google සෙවුම් යෙදුමේ ප්‍රධානම හා වැදගත්ම ranking factor වලින් එකක්. ඔබේ වෙබි අඩවිය ස්වාභාවිකව බැක්ලින්ක්ස් සෑදෙන ක්‍රියාවලියට තමයි Google ඇතුළු වෙනත් Search Engine සියල්ලම පාහේ කැමති.

ස්වාභාවිකව බැක්ලින්ක්ස් හැදෙන්න ලොකු කාලයක් වගේම හොද ගුණාත්මක අන්තර්ගතයක් සහිත වෙබ් අඩවියක් අවශ්‍යම වෙනවා. අපගේ වෙබ් අඩවියේ වටිනා තොරතුරු හරි වටිනා සේවාවක් සපයනවානම් තමයි නොදන්නා කෙනෙක් වුණත් අපේ වෙබ් අඩවියට එයාලගේ වෙබ් අඩවියෙන් එක දැකලා link කරන්න පෙලබෙන්නේ.

Quality backlinks කියන්නේ මොනවාද? : Backlinks Sinhala

Quality back links කොටස් කිහිපයක් යටතේ හදුනා ගන්න පුලුවන් අතර බැක්ලින්ක්ස් සෑදීමේදී ඔබ කළ යුතු වැදගත්ම දේ තමා quality බැක්ලින්ක් හදන එක. වෙබ් අඩවියක් සාර්ථක කරගන්න අවශ්‍යම අංගයක් විදිහට Quality back links හදුන්වලා දෙන්න පුළුවන්.

Relevance – Backlinks වලට ඇති අදාලත්වය

Backlinks සැකසීමේදී ඔබ සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රධානම සාධකයක් තමයි මේක. මෙහිදී බැක්ලින්ක් එක පැමිනෙන්නාවූ වෙබ් අඩවිය ඔබේ web අඩවියට හෝ යම් අන්තර්ගතයකට කොයි තරම් දුරට සමීපදැයි යන්න මෙහිදී සලකා බලන ප්‍රධානම සාදකයක් බවට පත් වෙනවා.

ඔබගේ වෙබ් අඩවිය තාක්ෂණික දෑ සම්බන්ධයෙන් වන වෙබ් අඩවියක් නම් ඔබගේ වෙබ් අඩවියට බැක්ලින්ක් එකක් පැමිණිය යුත්තේ තවත් තාක්ෂණික දෑ සම්බන්ධයෙන් තිබෙනා වෙබ් අඩවියකින්.

Backlinks Sinhala

Domain Authority | Domain Rating |Trust Flow

වෙබ් අඩවියක ඇති ගුණාත්මක භාවය Domain Authority, Domain Rating, Trust Flow වැනි ඒකකයන් වලින් බලාගන්න පුළුවන්. වර්තමානයේ Moz, Ahrefs , Majestic SEO වැනි ආයතන වලින් ඔවුන්ට ආවේනික ක්‍රම භාවිතා කරමින් වෙබ් අඩවි වල ඇති ගුණාත්මක භාවය ගණනය කරනු ලබනවා.

වෙබ් පිටුවකට අදාළ Authority එක Moz හා Ahrefs ආයතනය විසින් පිළිවෙලින් Page Authority හා URL Rating ලෙස ලබා දෙනවා. මේවා යොදාගෙන තමයි අපිට වෙබ් අඩවියේ authority එක පිළිබද අදහසක් ලබාගන්න පුළුවන් වෙන්නේ. 

 Authority එක වැඩි වෙබ් අඩවියකින් පැමිණෙන backlink එකක් කියන්නේ අපේ වෙබ් අඩවියේ Authority එක ඉහල යන්න ලොකු බලපෑමක් ඇති කරණ බැක්ලින්ක් එකක් විදියට හදුනා ගන්න පුලුවන්.

Backlinks Sinhala

 Traffic – Backlinks ලබාගන්නා වෙබ් අඩවියට පැමිණෙන පරිශීලකයන් ඉහල ප්‍රමාණයක් ගැනීම

 Back link එක ලබාගන්නා වෙබ් අඩවියට ඉහල පරිශීලකයන් ප්‍රමාණයක් පැමිණෙන්නේ නම් එම වෙබ් අඩවිය ඉතා හොද වෙබ් අඩවියක් ලෙසත් බැක්ලින්ක් එක හරහා හොද traffic එකක් අපේ වෙබ් අඩවියට පැමිණීම හොද සාදකයක් ලෙස සළකන්න පුලුවන්.

Dofollow BackLink & Nofollow BackLink : Backlinks Sinhala

Backlink එකක වටිනාකම පවතින්නේ Dofollow BackLink වල වන අතර Nofollow tag එකක් සමග තිබෙනා Backlink මගින් කිසිදු බලපෑමක් ඇති නොවේ හැකි සෑම විටම Dofollow BackLink ලබාගැනීමට කටයුතු වගබලාගන්න.

SEO Sinhala

Next PostRead more articles

Rajeev Yasiru Mathew

Rajeev Yasiru Kuruwitage Mathew also known as Yasiru Kuruwitage (Sinhalese: රජීව් යසිරු කුරුවිටගේ මැතිව්) is a famous Information Technology Consultant, Digital Media / Social Media Consultant and Social Media Strategist in Sri Lanka. Rajeev Yasiru Mathew also known as chairman of Information Technology Society of Sri Lanka - ITSSL

Leave a Reply