How to Make a Blogger Website 2020 | Blogger Sinhala | බ්ලොග් සිංහලෙන්

How to Make a Blogger Website 2020 | Blogger Sinhala | බ්ලොග් සිංහලෙන්

What is Blogger Website? : Blogger Sinhala

අන්තර්ජාලය භාවිතා කරන හැමෝම දන්නවා ඇතිනේ වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා. වෙබ් අඩවියක් වගේ එකක් වගේ ප්‍රමාණාත්මකව පොඩි වෙබ්ත අඩවි තමයි Blog (බ්ලොග්) අඩවි කියල හදුන්වන්නේ . බොහෝවිට තමන්ටම කියල වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍යතාවයක් තියෙන එත් ඒ සදහා වැඩි මුදලක් ආයෝජනය කිරීමට නොහැකි අයට මෙවැනි සේවාවන් භාවිතා කරලා තමන්ගේම කියල වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්.

What is the best platform to create a Blog? බ්ලොග් අඩවියක් හදන්න හොදම ප්ලැට්ෆෝම් එක මොකක්ද ?

බ්ලොග් අඩවියක් නිර්මාණය සඳහා විවිධාකාරයේ බ්ලොග් ප්ලැට්ෆෝම් භාවිතා කරන්න පුළුවන්. ප්‍රධානතම බ්ලොග් ප්ලැට්ෆෝම් විදිහට WordPress සහ blogger කියන මාධ්‍යයන් දෙක සලකන්න පුළුවන්.

There are many different blog platforms you can use to create a blog. WordPress and Blogger can be considered as the main blog platforms.

ඊට අමතරව තවත් විවිධ ආකාරයේ බ්ලොග් අඩවි සාදාගත හැකි වෙබ් අඩවි තිබෙනවා. වර්තමාන කාලය තුල ප්‍රසිද්ධ වෙමින් පවතින බ්ලොග් ප්ලැට්ෆෝම් විදිහට Medium, Tumblr, Squarespace, Wix, Ghost දක්වන්න පුළුවන්.

In addition, there are many different types of blogs that can be created. Medium, Tumblr, Squarespace, Wix, Ghost are the most popular blog platforms nowadays.


WordPress ගැන කතා කළොත්, එහි බ්ලොග් ආකාරයේ පිටපතකුත්, අපේම සර්වර් එකක ස්ථාපනය කරගෙන සාදාගත හැකි self hosted WordPress පිටපතකුත් තිබෙනවා.

Speaking of WordPress, it has a blog-style version and a self-hosted WordPress version that can be installed on our own server.

STEP 1 : Create a Google Account for Blogger

Blogger නොහොත් Blogspot යනු ගූගල් සමාගම විසින් සපයනු ලබන සේවාවකි. එබැවින් බ්ලොගයක් ආරම්භ කිරීමට ඔබට ගූගල් ගිණුමක් අවශ්‍ය වේ.

STEP 2 : Create the Blogger Site

Blogger වලට ගිහින්  “Create Your Blog” කියන Button එක click කරන්න.

Blogger Sinhala

ඔයාගේ Google Account එකට login වෙලා නම් ඉන්නේ අපිට පහල විදියේ Page එකක් බලා ගන්න පුළුවන්. 

Title කියන තැනට ඔයා හදන්න යන Blog එකේ නම දෙන්න ඕනි. ඊටපස්සේ Blog Address ඒකට ඔයා බ්ලොග් ඒකට දාන්න කැමති URL එකක් දාල Check Availability කියන එක ඔබල බලන්න ඒ URL එක Available ද කියල බලාගන්න

ඔයා දීපු URL එක Available නම් ඒ නමින් හදන්න පුළුවන් ඔයාට. URL එක Unavailable නම් URL එක වෙනස් කර කර බලන්න ගැලපෙන එකක් ලැබෙනතුරු.

Blogger Sinhala

පහල විදියට තමයි ඔයා හදාගත්තු ඔයාගේ Blogger Dashboard එක තියෙන්නේ. මෙතනින් බ්ලොග් එකේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්.

Blogger Sinhala

අපි හදාගත්තු බ්ලොග් එක අපිට පල්ලෙහා තියෙන විදිහට බලාගන්න පුළුවන්

Blogger Sinhala

STEP 3 : Customize the Blogger Theme

Blogger Control Panel : Blogger Sinhala

Stats කියන කොටසින් පෙන්නුම් කරන්නේ ඔයාගේ බ්ලොග් එක කොපමණ ප්‍රමාණයක් නරබලා තියෙනවද කියන එකයි.

Posts තමයි බ්ලොග් එකක තියෙන වැදගත්ම කොටස. බ්ලොග් එකට දාන posts මොනවාද කියල බ්ලොග් එක හදද්දිම හිතන්න ඕනි දෙයක්.

Pages නැතහොත් බ්ලොග් පිටු මඟින් පුළුවන් ඔබගේ බ්ලොග් අඩවිය වෙබ් අඩවියක් ආකාරයට ප්‍රදර්ශනය කරන්න. Contact Us, About Us වැනි පිටු බ්ලොග් අඩවියට එක් කිරීම මගින් බ්ලොග් අඩවිය වෙබ් අඩවියක් ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.

Earnings වලින් ඔයාගේ බ්ලොග් අඩවිය ඇඩ්සෙන්ස් වගේ සේවාවක් හා සම්බන්ධ කරලා බ්ලොග් අඩවිය නොමිලේ පවත්වාගෙන යන ගමන් ආදායමක් ලබන්නත් පුළුවන්.

Theme එක තමයි බ්ලොග් අඩවිය බලන කෙනාට පෙන්වන විදිහ වෙනස්කරගන්න පුළුවන් තැන. ඔබට කැමති Theme එකක් අන්තර්ජාලයෙන් ලබාගෙන බ්ලොග් අඩවියේ ස්ථාපනය කරගන්න පුළුවන්.

Settings වලින් බ්ලොග් එකේ නම බ්ලොග් එක ගැන දාල තියෙන බ්ලොග් විස්තර වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් ඒ වගේම බ්ලොග් එකට නොමිලේ ලබාදී තියෙන .blogger.com ඩොමේන් එකට අමතරව ඔබ ගාව වෙනත් Custom Domain එකක් තියෙනවනම් ඒ ඩොමේන් එක ඔබගේ බ්ලොග් ඒකට නොමිලේ එකතුකරගැනීමේ පහසුකම ලබාදී තියෙනවා.

Dropshipping in Sinhala

Rajeev Yasiru Mathew

Rajeev Yasiru Kuruwitage Mathew also known as Yasiru Kuruwitage (Sinhalese: රජීව් යසිරු කුරුවිටගේ මැතිව්) is a famous Information Technology Consultant, Digital Media / Social Media Consultant and Social Media Strategist in Sri Lanka. Rajeev Yasiru Mathew also known as chairman of Information Technology Society of Sri Lanka - ITSSL

Leave a Reply