What is Dropshipping?
මේ වෙනකොට ලෝකේ හැමතැනකම වගේම ලංකාව තුලත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තමයි Dropshipping කියන්නේ.
පාරිභෝගිකයන් අතර අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම මේ දිනවල ගොඩාක් ජනප්‍රිය අංගයක් බවට පත්වෙලා තියෙනවා.
ඔයාටම කැමතිම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුළුවන් වගේම ඔයාට එම සේවාව හෝ භාණ්ඩය අතරමැදියෙකු ලෙස නැවත වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට ඇති හැකියාව තමයි Dropshipping ලෙස හදුන්වන්නට පුළුවන් වන්නේ.
Advantages of Dropshipping in Sinhala
Dropshipping ව්‍යාපාරයක ආරම්භක අවදානම් අවම කරයි
භාණ්ඩ තොග වශයෙන් රැස්කර තබාගැනීම සඳහා මුදල් ගෙවිය යුතු නැත, මෙමගින් අදහස් වන්නේ ව්‍යාපාරය සාර්ථක නොවන්නේ නම්, ඔබට අහිමි වන එකම මුදල වන්නේ Dropshipping සිදුකිරිම සදහා ආරම්භකළ වෙබ් අඩවියට ඔබ විසින් ගෙවූ මුදලපමණක් බවයි.
භාණ්ඩ මිලදීගෙන ලබතබාගන්නේ නැති නිසා කිසිදු පාඩුවකින් තොරව දිනෙන්දින වෙනස්වන වෙළදපොල ඉල්ලුම් සදහා ඔබගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් අනුගත කරන්න පුළුවන්.
Dropshipping හේතුවෙන් භාණ්ඩ පිරිවැය අඩුවේ
ඩ්‍රොප්ෂිපින් භාවිතා කිරීමේදී නැව්ගත කිරීමේදී හානියට පත්වන භාණ්ඩ සංඛ්‍යාව සාමාන්‍යයෙන් අඩු බැවින් එය ප්‍රවාහනය සදහා ඇසුරුම් වෙනස් කළ යුතු වාර ගණන අඩු කරයි
ඩ්‍රොප්ෂිපින් භාණ්ඩ හා සේවා වල මිල වෙනත් භාණ්ඩ වලට වඩා අඩු වන්නේ එම භාණ්ඩ හෝ සේවා පිළිබදව ප්‍රචාරණය සදහා විශාල ආයෝජනයක් අවශ්‍ය නොවන බැවිනි.
Dropshipping භාණ්ඩ ගබඩා කිරීමේ සහ ප්‍රවාහන පිරිවැය අඩු කරයි
ඩ්‍රොප්ෂිපින් සිදුකිරීමේදී භාණ්ඩ විකුණනු ලබන්නේ වෙබ් අඩවියක් හරහා බැවින් ගබඩා පහසුකමක් හෝ සිල්ලර වෙළදසැලක් අවශ්‍ය නොවේ.
ඔබ විකිණීමට තීරණය කළ සියලුම භාණ්ඩ මිලදීගෙන හා ගබඩා කොට සැපයීමට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඔබේ ව්‍යාපාරය හරහා පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කළ හැකිය.
ගබඩා කිරීමට ප්‍රායෝගික නොවන නිෂ්පාදන (උදා: විශාල නිෂ්පාදන, දිරාපත් වන නිෂ්පාදන ආදිය) විකිණීම ඉතාමත් පහසුය.
Dropshipping යනු වෙළෙන්දන්ට ඉතා පහසුවෙන් සිදුකළහැකි දෙයකි.
ඔබගේ Dropshipping වෙබ්අඩවියට ඉතා ඉක්මණින් නව නිෂ්පාදන හා සේවා එකතු කළ හැකිය
Barriers in Dropshipping in Sinhala
Dropshipping වලදී එකම භාණ්ඩය කිහිපදෙනෙකු අලෙවි කිරීම නිසා ඉහළ තරගකාරිත්වය
එකම භාණ්ඩය කිහිපදෙනෙකු අලෙවි කිරීම නිසා ඇතිවන ඉහල තරගකාරිත්වය ජය ගැනීමට ඔබට වෙනත් ක්‍රම ( වෙනත් භාණ්ඩ හා සේවා ) සොයා ගැනීමට සිදුවේ.
Dropshipping භාණ්ඩ විවිධ සැපයුම් කරුවන්ගෙන් පැමිණීම
ඔබේ වෙළඳසැලේ ලැයිස්තුගත කර ඇති විවිධ නිෂ්පාදන හා සේවා තිබේ නම්, ඒවා විවිධ සැපයුම්කරුවන්ගෙන් පැමිණිය හැකිය. මේ හේතුවෙන් එක්අ එක්ධි භාණ්කඩයට වෙන වෙනම භාණ්ඩ ප්‍රවාහන ගාස්තු එකතුවිය හැකිය.