What is SEO in Sinhala? | SEO Sinhala | SEO සිංහලෙන්

What is SEO in Sinhala? | SEO Sinhala | SEO සිංහලෙන්

මොකක්ද මේ SEO කියන්නේ ?

SEO නොහොත් Search Engine Optimization කියන්නේ වෙබ් අඩවියකට Google, Yahoo වගේ Search Engine මගින් traffic ගෙන්වා ගැනීමයි.

අපිට යමක් අන්තර්ජාලය හරහා සෙවීමට අවශ්‍ය වූ විට බොහෝවිට Google, Yahoo, Bing වැනි Search Engine එකක් හරහා අවශ්‍යදේ සෙවීම සිදුකරනු ලබනවා.

එවිට Search Results නොහොත් සෙවුම් ප්‍රථිපල මිලියන ගණනක විස්තර තිබෙනවා. එලෙස ලැබෙන ප්‍රථිපල අතර ඉහලම සෙවුම් ප්‍රථිපල අතරට ඔබගේ වෙබ් අඩවිය දිස්වීමට සිදුකරන ක්‍රියාවලිය තමයි SEO කියල හදුන්වන්නේ.

Search Engine Optimization වල ඇති වාසි

Search Engine Optimization මගින් භෞතික ගබඩාවට පිවිසීමට දේශීය පරිශීලකයින් දිරිමත් කරයි.

SEO සන්නාම විශ්වසනීයත්වය ගොඩනංවයි.

වෙළඳනාම පිළිබඳ දැනුවත්භාවය ස්ථාපිත කිරීමට SEO උදව් කරයි.

SEO ඔබේ වෙබ් අඩවියේ ජංගම-මිත්‍රශීලී බව සහතික කරයි.

SEO දිගුකාලීන අලෙවිකරණ උපාය මාර්ගයක් විය හැකිය.

වෙළඳපල කොටස ලබා ගැනීමට SEO ඔබට උදව් කරයි.

Search Engine Optimization සමාජ මාධ්‍යවල ඔබගේ අනුගාමිකයින් වැඩි කරයි.

SEO – Search Engine Optimization වෙබ් අඩවි වේගය වැඩි දියුණු කරයි.

SEO – Search Engine Optimization වඩා හොඳ පරිශීලක අත්දැකීම් කරා යොමු කරයි.

SEO – Search Engine Optimization වඩා හොඳ පිරිවැය කළමනාකරණය ප්‍රවර්ධනය කරයි

Search Engine වැඩ කරන විදිහ

Google හෝ වෙනත් Search Engine එකක් ගත්තොත් ඔවුන්ගේ Algorithm එකක් මගින් අන්තර්ජාලයේ තිබෙන වෙබ් අඩවි වලට ගොස් එම වෙබ් අඩවි වල ඇති අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීමක් සිදුකරනු ලබනවා.

පසුව එම දත්ත Search Engine වල ගබඩාකොට යම් පුද්ගලයෙක් යමක් සෙවූ විට එයට අදාළ තොරතුරු Search Engine සතුවන දත්ත ගබඩාව පිරික්සා එම සෙවුමට අදාළ වෙබ් පිටු සියල්ලම පාහේ එම පුද්ගලයාට පෙන්නුම් කෙරෙනු ලැබෙනවා.

වෙබ් අඩවියක් SEO කරගැනීමට අවශ්‍ය දෑ

Website’s Authority

වෙබ් අඩවියකින් ලබාදෙන තොරතුරු හෝ සේවාවන් විවිද අංශ ගණනාවකට වෙන් කරන්න පුළුවන් අතර එක වෙබ් අඩවියකින් එක් මාතෘකාවක් යටතේ පමණක් තොරතුරු හෝ සේවාවක් ලබාදිය යුතුයි.

Keywords

Keywords වල තේරුම වන්නේ යම් පුද්ගලයෙක් යම් දෙයක් සොයාගැනීම සදහා Search Engine එකකට ඇතුලත් කරන වචන වලට.

පුද්ගලයන් විසින් ඇතුලත් කරන Keywords ගොඩක් වැදගත් SEO වලට. යම් පුද්ගලයෙක් විසින් Search Engine එකක යම් දෙයක් සොයාගැනීම සදහා ඇතුලත් කරන keywords වලට අදාළ තොරතුරු අපගේ වෙබ් අඩවියෙහි පවතිනවා නම් අපගේ වෙබ් අඩවිය Search Engine Page Results (SERP) වල උඩින්ම දර්ශනය වන්න හැකියාවක් පවතිනවා.

How to Make SEO Friendly Website in Sinhala

On-Page SEO Sinhala

On-Page SEO කියන්නේ ඔයා සෙවුම් ප්‍රථිපල වල දර්ශනය කරන්න හිතාගෙන ඉන්න වෙබ් අඩවිය හෝ වෙබ් පිටු නැතහොත් වෙබ් පොස්ටු SEO Friendly විදියට සකස් කරගන්න එක.

Keywords වෙබ් පිටුවෙහි මාතෘකාව (Title) ලෙස යෙදීම

වෙබ් අඩවියක් හදපුවහම Title එකක් නැත්තම් මාතෘකාවක් තියෙනවා. වෙබ් පිටුවේ මාතෘකාවට අදාළ Keyword එක නැතහොත් සෙවුම් පදය ඇතුලත් වෙනවනම් ඒ වෙබ් පිටුව සෙවුම් ප්‍රථිපල අතර ඉහළට පැමිණීමට නැත්තම් Rank වෙන්න ඉතා පහසුවෙන්ම පුළුවන්.

වෙබ් අඩවිය සම්බන්ධයෙන් Meta Description එකතු කිරීම

වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඉතා කුඩා විස්තර කිරීමක් එකතු කිරීම මගින් Search Engine වලට ඔබගේ වෙබ් අඩවියෙහි පවතින අන්තර්ගතයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට හැකිවේ.

තවද යම් පුද්ගලයෙකු සෙවීමක් සිදුකල විට එම සෙවීමට අදාළ Keywords, Meta Description හි තිබීම මගින් එම වෙබ් පිටුව එම සෙවුමට අදාල සෙවුම් ප්‍රථිපල අතර ඉහලින් දිස්වීමට උපකාරී වේ.

 කෙටි URL භාවිතය සහ URL තුල Keyword (සෙවුම්පද) ඇතුලත් කිරීම

වෙබ් පිටුවක URL එක දිග වුනොත් එක සෙවුම් ප්‍රථිපල අතර ඉදිරියට ඒමට තියෙන හැකියාව නැත්තම් Rank වෙන්න තියෙන හැකියාව ඉතා අඩුයි. URL එක හැකි සෑම විටම කෙටියෙන් සහ Keyword (සෙවුම්පද) ඇතුළත්වූ URL එකක් බවට හැකි සෑම විටම වගබලා ගන්න.

තොරතුරු බහුල වෙබ් පිටු සැකසීම

Search Engine වල උඩින්ම දර්ශනය වන සෙවුම් ප්‍රථිපල ලෙස දර්ශනය වන වෙබ් පිටු බොහොමයක අන්තර්ගත තොරතුරු බොහෝමයක් තිබෙනවා. Google වගේම අනෙකුත් Search Engine algorithm තමන්ගේ සෙවීම් මෙවලම් භාවිතා කරලා තොරතුරු සොයන පිරිස වෙත ඒ අය සොයන දේට අදාලව ගැලෙපන තොරතුරු තියෙන වෙබ් අඩවි තමන්ගේ Search Engine එක තුල ප්‍රථිපල ලෙස දර්ශනය කිරීමක් සිදුකරනු ලබනවා.

වෙබ් පිටු සැකසීමේදී ඒ අදාල මාතෘකාවට අදාලව සම්පුර්ණයෙන්ම තොරතුරු ඇතුලත්කර චායාරූප, වීඩියෝපට භාවිතා කොට අලංකාර අන්දමින් වෙබ් පිටු නිර්මාණය කිරීම සිදුකිරීම මගින් වෙබ් අඩවියට පැමිණෙන පිරිස් දිගින් දිගටම වෙබ් අඩවිය තුල රදවාගන්න උපකාරී වනවා.

මිට අමතරව වෙබ් අඩවියෙහි තිබෙනා අන්තර්ගතයන් පරිශීලකයන්ට ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමේ හැකියාව තිබූ විට එම පරිශීලකයන් ඔබගේ වෙබ් අඩවියේ වැඩි කාලයක් සිටීම හේතුවෙන් වෙබ් අඩවිය සෙවුම් ප්‍රථිපල වලදී ඉහලින් ඔසවා තැබීමට Search Engine විසින් කටයුතු කරනු ලබනවා.

Technical Factors

Mobile Responsive

අන්තර්ජාලය භාවිතා කරන විශාල පිරිසක් ජංගම දුරකථන හරහා වෙබ් අඩවි වලට පිවිසීම ඉතා ඉහල අගයක් ගන්නා බැවින් වෙබ් අඩවිය ජංගම දුරකථන වල හොදින් ක්‍රියාකළ යුතුය.

Page Speed

වෙබ් අඩවිය වේගයත් යම් උපාංගයක ඉතා මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහාද දිගහැරෙන්නේ නම් එම වෙබ් අඩවිය සෙවුම් ප්‍රථිපල වල ඉහල ස්ථානයක් ලබාගැනීමට හිමිකම් කියනවා.

වෙබ් අඩවියෙහි Errors නොමැතිවීම

ඔබගේ වෙබ් අඩවිය යම් උපාංගයක දිගහැරිමේදී වෙබ් අඩවියෙහි දෝෂ නොමැතිවීම එම වෙබ් අඩවිය සෙවුම් ප්‍රථිපල වල ඉහල ස්ථානයක ඔසවා තැබීමට හේතුවනවා.

Off-Page SEO Sinhala

Off-Page SEO නැත්තම් Off-Page Optimization කියන්නේ වෙබ් අඩවියෙන් පිටත අපේ වෙබ් අඩවිය Search Engine එකක සෙවුම් ප්‍රථිපල අතර ඉහලට ගෙන එන්න සිදුකරන්න පුළුවන් ක්‍රියාවලින්.

Backlink එකක් කියන්නේ අපේ වෙබ් අඩවිය ලින්ක් වෙච්ච Link එකක්. Search Engine වලින් අපේ වෙබ් අඩවිය Rank කරද්දී වෙබ් අඩවියට තියෙන Backlinks ගාණ වගේම ඒ බැක්ලින්ක්ස් අපිට ආපු වෙබ් අඩවි වල තත්වය, ඇවිල්ල තියෙන බැක්ලින්ක්ස් අපේ වෙබ් අඩවියට කොච්චරක් අදාළද, අපිට ලැබිල තියෙන Backlinks Do Follow ද නැත්තම් No Follow ද සහ ඒ වෙබ් අඩවි වල Spam Score බලනවා.

Backlinks Sinhala

Next PostRead more articles

Leave a Reply