What you should know before using an App (Sinhala Article)

What you should know before using an App (Sinhala Article)

ඇප් එකක්  එසෙත් නැත්නම් යෙදුමක් නිර්මාණය වන්නේ අප ජංගම දුරකථනයෙන්, පරිගනකයෙන් සිදුකරනු ලබන කාර්යයන් වලට පහසුවක් වීමේ මෘදුකාංගයක් ලෙසය. මේ නිසා ජංගම දුරකථනයෙන් පරිගනකයෙන් සිදුකරනා කාර්යයන් පහසුවෙන් අපට කරන්නට හැකියාව ඇත.නමුත් මෙලෙස භාවිතයට යොදා ගන්නා යෙදුම් නිසා ගැටලු ඇති වන බවටද කතාබහක් ඇතිව තිබෙයි. Face app සහ android/los යෙදුමත් සමගින් මේ ගැන වැඩි කතාබහක් ඇති වුණ අතර මේ ඒ ගැන යම් විවරණයකි.

Rajeev Yasiru Mathew

පුද්ගලයෙක් මහලු ස්වරෑපයට හෝ තරැණ ස්වරූපයට වෙනස් කළ හැකි යෙදවුමක් වන ෆෙස් ඇප් මේ දිනවල බොහෝ දෙනෙක් භාවිතා කරයි.ජාත්‍යන්තර මාධ්‍යයවල  සදහන් වන  ආකාරයට ගූගල් ෆේලේ තුළින්  මෙම යෙදවුම බාගත කරගෙන ඇති පිරිස මිලියන දස දහස් ගණනකි.රටවල් 121ක ඇපල් ඇප් ස්ටෝහි ඉහළම ශ්‍රේණිගත යෙදවුම බවට මෙය පත්ව තිබෙයි.නමුත් මේ යෙදුම භාවිතය ගැන නැවත සිතාබලන්නට  යෙදවුම් නිර්මාණකරැවෙකු වන ජෝෂුවා නොසී පළකර ටුවිටර් පනිවුඩයක් හේතුවිය.එහි ඔහු සදහන් කරන්නේ,ෆේස් ඇප් මගින් පරිශිලකයාගේ අවසරයකින් තොරව ඔහුගේ ජංගම දුරකථනයේ ඇති ජායාරෑප අප්ලෝඩ්කිරීමක් සිදුවන බවයි.කෙසේ වෙතත් එළියට් එල්ඩසන් නම් ආරූඨ නමකින් පෙනී සිටින ප්‍රංශ සයිබර් ආරක්ෂක පර්යේෂකයා නොසීගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරැව තහවුරැවන්නේ ෆේස් ඇප් ලබාගන්නේ පරිශිලකයා යොමුකරන ජායාරෑප පමණක් බවය. බුද්ධි අංශ මගින් හෝ වෙනත් කණ්ඩායමක් මගින් මුහුණු හදුනාගැනීමේ ක්‍රමවේද සදහා ෆේස් ඇප් පරිශිලකයින් භාවිතා කරනා දත්ත භාවිත  කරන බවට තවත් පිරිසක් අනතුරැ අගවයි.ෆේස් ඇප් කොන්දේසි මාලාවට අනුව අදාල සමාගමට පරිශිලකයාගේ අන්තර්ගතය සම්බන්ධයෙන් අවශ්‍යය ඕනෑම දෙයක් කිරීමට අසීමිතව බලයක් හිමිව තිබෙයි.

මේ යෙදුම භාවිතය මෙන්ම පසුගිය දිනවල වට්අප් සමූහ හරහා නොමිලයේ ෆ්‍රී රිලෝඩ් ලබාගතහැකි Android/IOS යෙදුමක් පිලිබදව වාර්තාගත විය.මේ තුළින් ජංගම දුරකථන දත්ත සොරකම් කරන බවටද වාර්තාවිය.මේ පිළිබද  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති සභාපති රජීව් යසිරැ කුරැවිටගේ මැතිව් දක්වන්නේ මෙවැනි අදහසකි.

“ෆේස් ඇප් කියන්නේ තමන් තවත් වසර දහසකින් වගේ වියපත් වු විට පෙන්වන්නේ කොහොමද කියලා Art IT Intelligent Technology භාවිතාකර ක්‍රියාත්මක වන යෙදුමක්.වියපත් වු අනුමාන කිරීමක් වැනි දෙයක් මේ තුළින්  බලාගන්න හැකියාව තිබෙනවා පරිශිලකයින් අප්ලෝඩ් කරන ජායාරෑප ඩිලිට්කරන බව සියයට සීයක් තහවුරැ කළ නොහැකි බව. ඔවුන්ගේ පෞද්ගලික කොන්දේසි වල සදහන්ව තිබෙනවා.මේ නිසා දත්ත එක්රුස් කිරීමට නිපදවන ලද යෙදුමක්ද කියන එක ගැන මේ වන විට යම් කතිකාවතක් තියනවා.එහෙම වුණොත් එම දත්ත හා ජායාරෑප  වෙනත් අරමුණකට යොදවා ගැනීමේ හැකියාව පවතිනවා. මෙලෙස යෙදුම් විවිධ අරමුණු පදනම් කරගෙන නිර්මාණය කරන්න පුලුවන්.මේ ෆේස් ඇප් එක  රුසියාවේ නිර්මාණය කළ යෙදුමක්. ලංකාවේ සමාජ භාවිතා කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ක්‍රිකට් ක්‍රිඩකයින් මෙම ඇප් එක භාවිත කිරීමත් සමගින් ඔවුන් අනුකරණය කර අනෙකුත් පිරිසත් මෙය සිදුකරන්න යොමුවුණා.නමුත් මේ යෙදුම නිර්මාණය කරපු නිර්මාපකයෙක් එම යෙදුම භාවිත කිරීමෙන් වලකින්න කියලා සදහන් කලා වගේම ,මෙම යෙදුම භාවිතයෙන් යම් ගැටලු ඇතිවන බව සදහන් කළා..මෙය ජාත්‍යන්තර මාධ්‍යය හා ඇමරිකානු රජයේ අවධානයට ලක්වෙනවා.මෙවැනි යෙදුම් භාවිතයේදි සැලකිලිමත්වෙන්න කියලා ඇමරිකානු රජය ජනතාටව දැනුමක් දෙනවා.මේ නිසා මෙවැනි යෙදුම් භාවිතය අවබෝධයෙන් යුතුව සිදුකර යුතුයි.

නොමිලයේ ෆ්‍රී රිලෝඩ් ලබාගතහැකි Android/IOS යෙදුම ගැනත් අපට සොයා බලන්න හැකියාව ලැබුණා.මෙලෙස නොමිලේ ෆ්‍රී රිලෝඩ් ලබාදීම පිටිපස විශාල ජංගම දුරකථන දත්ත සොරකමක් සිදුවන බව අප සොයාගත්තා. මෙම දත්ත සොරකම ෆ්‍රී රිලෝඩ් ලබාගැනීම සදහාවූ යෙදවුම් භාවිතා කරන පුද්ගලයන්ගේ නොදැනුවත්කම නිසා හොර රහසේම සිදුවන ක්‍රියාවක් බවට පත්වෙනවා. එම පුද්ගලයන් ෆ්‍රී රිලෝඩ් ලබාගැනීමට තිබෙනා උනන්දුව නිසා මෙම දත්ත සොරකමට ගොදුරුනොවූ පුද්ගලයන්ගේ දත්ත පවා නොදැනුවත්ව වෙනත් පාර්ශවයකට අත්පත් කරලීමට කටයුතු කර තිබෙනවා.මූලික වශයෙන් ජංගම දුරකථන සබැදුම්,කෙටි පණිවිඩ,දුරකථන ඇමතුම් ලැයිස්තු,ජංගම දුරකතනයේ ඇති වෙනත් යෙදවුම් හා සම්බන්ධ දත්ත මෙසේ ඔවුන් ලබාගෙන තිබෙනවා. මෙම යෙදුම් භාවිතයෙන් ජංගම දුරකථන පරිශීලකයාට නොදැනීම ජංගම දුරකතනයේ ප්‍රොසෙසරය ආදී දෑ භාවිතා කරමින් Crypto මුදල් ඉපැයීම සිදුකරන්න හැකියාව තිබෙනවා.මේ නිසා ජංගම දුරකථන මන්දගාමී වීම හා වරක් ආරෝපණය කලවිට පවතින ජංගම දුරකතන බැටරි ආයුකාලය අඩුවීම සිදුවෙන්න පුලුවන්.ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍යය පරිශිලකයින්ගේ ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍යය රුල්ල අනුගත වෙමින් පෞද්ගලිකත්වය හානිකර නොගන්න කියලා”

ජංගම දුරකථනයට හෝ පරිගනකයට යෙදුමක් භාවිතා කිරීමට ප්‍රථම යෙදුම තුළ  පවතින පෞද්ගලික ප්‍රතිඵත්ති මාලාව ගැන අවධානය යොමුකළ යුතුය. මේ ප්‍රතිපත්ති මාලාව තුළ මේ යෙදුම් භාවිතා කර, පරිශිලකයින්ගෙන් ලබාගන්නා දත්ත මොනවාද යන්න  දැනගැනීමේ හැකියාව පවතියි.ඔබ යොදුමක් භාවිත කිරීමට ප්‍රථම මේ ගැන වැඩි අවධානය යොමුකරන්නේ නම් මේ තුළින් ඇතිවන ගැටලු කාරී තත්වයන් මගහරවා ගැනීමේ හැකියාව පවතින්නේය.

නිදුක් මදුෂික

Next PostRead more articles

Leave a Reply